



2026
තිස් වසරක යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ මෙම රෝහල යුද්ධයෙන් පසුව යළි විවෘත වුවද, එහි පැවති යටිතල පහසුකම් අවම මට්ටමක පැවතිණි. රෝහල් සංවර්ධන කමිටුවේ මූලිකත්වයෙන් සහ CIC ප්‍රධාන අලෙවි නියෝජිත බජිර් හාඩ්වෙයාර් අධිපතිතුමාගේ මූලිකත්වයෙන් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ සී.අයි.සී. (CIC) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් මෙම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණ කරන ලදි.
කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා සහිලා රාණි ඉෂධින් මහත්මිය සහ සී.අයි.සී. ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ වරුණ මදවන ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. මීට පෙර රෝහලේ බාහිර රෝගී අංශය සහ වාට්ටු සංකීර්ණය සහ හදිසි ප්‍රතිකාර ඒකකය පමණක් ක්‍රියාත්මක වූ අතර, මෙම නව මාතෘ සායන ගොඩනැඟිල්ල විවෘත වීමත් සමඟ ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට සහ දරුවන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම වඩාත් පහසු වනු ඇත.
මෙම අවස්ථාවට දීඝවාපි රජමහා විහාරාධිපති පෝද්දිවෙල චන්දානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, හින්දු සහ මුස්ලිම් පූජකවරුන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉහළ නිලධාරීන්ගේ හා ප්‍රදේශයේ සී.අයි.සී කෘෂි ව්‍යාපාර අලෙවි නියෝජිතයන්ගේ හා සී.අයි.සී කෘෂි ව්‍යාපාර ඉහළ කළමනාකාරීත්වයහි ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
#Ampara #centralcamphospital #Maternalclinic #CICholdings #communityservice #PublicHealth #ruraldevelopment







